19 සංශෝධනය ඉවත් කරන්න : පොහොට්ටුව නැකත් බලයි !

19 සංශෝධනය ඉවත් කරන්න : පොහොට්ටුව නැකත් බලයි !

කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවා ගන්නට මැදිහත්වූ රාජපක්ෂ පාර්ශවය ව්‍යවස්ථා විරෝධී ආකාරයට  කඩිනම් මහ මැතිවරණයකට යාමට බලකර සිටින්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කිරීම වෙනුවෙන් බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂව යළිත් ජනාධිපති කරවීම ඇතුළු 2015 ජනාධිපතිවරණ පරාජය හමුවේ අවසන්ව ගිය ඒකාධිපති පවුල් වාදයකට රට යටත් කිරීමේ නින්දිත උත්සාහය මේ පසුපස ඇති බවද දැනගන්නට ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගුකර රාජපක්ෂ පවුලට අඛණ්ඩව පාලනය කිරීමට හැකි ලෙස ඉඩප්‍රස්ථා සකසන  ව්‍යවස්ථා සංශෝධනයක් සැකසීමේ කටයුත්ත මේ වන විටත් ජී.එල්.පීරිස් සහ සරත් එන්. සිල්වා නැමති අපකීර්තිමත් අගවිනිසුරුගේ මුලිකත්වයෙන් යුතු නීතිඥ කණ්ඩායමකට පවරා ඇති බවද දැනගන්නට ඇත.

ප්‍රමිත පාක්ෂිකයන්ට කියපු කතාව !

මේ සම්බන්ධව අදහස් දැක්වීමක් කුමන්ත්‍රණ ආණ්ඩුවේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සිය නිවසේ පැවති පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් දැනුවත් කිරීමේ හමුවකදීද පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ  ඊළඟ  ජනතා වරම සහිත ආණ්ඩුවේ කාර්ය විය යුත්තේ මේ අර්බුදකාරී  19 වැනි ව්‍යවස්ථාව ඉවත් කිරිම හෝ වෙනස්කිරිම බවය.  එසේම ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු මේ වන විටත් සම්පාදනය වෙමින් ඇති බවද ඔහු සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

කෙසේවුවත් මේ සම්බන්ධව අදහස් දක්වන දේශපාලන විශ්ලේෂකයන් සඳහන්කර සිටින්නේ, විධායකයේ අත්තනෝමතික බලය සීමා කළ  ස්වාධීන කොමිෂන් සභා ඇතුළු රටට ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ රැසක් අත්කර දෙනු ලැබූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමේ අවධානම පරාජය කල යුතුව ඇති බවත් එසේ නොවුනහොත් එය නියත වශයෙන්ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ මළගම සනිටුහන් කරන්නක් වනු ඇති බවත්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න