සිරිසේනව අලි වටකරන දිනය අතළඟ : මහනුවර රැළියේදී එක හඬින් සම්මතයි !

සිරිසේනව අලි වටකරන දිනය අතළඟ : මහනුවර රැළියේදී එක හඬින් සම්මතයි !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පෙරමුණ විසින් රට පුරා දියත්කර තිබෙන විරෝධතා මාලාවේ පළමු විරෝධතාව අද (24) මහනුවර නගර මධ්‍යයේ පැවැත්විණ.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂ නායකයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටි අතර එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා සඳහන්කර සිටියේ සිරිසේන රාජපක්ෂ කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජය කිරීම සඳහා පක්ෂ භේද නොමැතිව සියළු ජනතාව සංවිධානය කල යුතු බවය.

එසේම මිරිස්කුඩු ප්‍රජාතන්ත්‍රවාදයෙන් පාර්ලිමේන්තුව බේරා ගැනීමේ සටනද අත්නොහැර ඉදිරියට ගෙනයා යුතු බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැකදීම මේ සටනේ ප්‍රමුඛ කාර්යය වියයුතු බවත් ඔහු පැවසීය.

සිරිසේනව අලි වටකරන දවස කාලය ගැන ප්‍රශ්නයක් විතරයි - රාජිත 

මෙහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න සඳහන් කර සිටියේ සිරිසේන ජනාධිපති ලියනවා කියන පොතට සමගාමීව තම පාර්ශවයෙන්ද පොතක් ලිවීමට අපේක්ෂා කරන බවත් එය ජනාධිපතිගේ පාවාදීම නමින් නම් කිරීමට අපේක්ෂා කරන බවත්ය.

එමෙන්ම කුමන්ත්‍රණ ආණ්ඩුව පිහිටුවීම සඳහා සිරිසේන ගනුලැබූ ක්‍රියාමාර්ගය හේතුවෙන් නිදාගෙන සිටි නැගිට දැන් පාරට පැමිණ ඇති බවත් තවදුරටත් ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට ජනාධිපතිවරයා කටයුතු කළහොත් අවධිවු අලි රැගෙන ජනාධිපති කාර්යාලය වටලන දවසද වැඩි ඈතක නොවන බවද ඔහු අවධාරණය කර සිටියේය. ඒ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් බවත් ඒ හැර අලි සිරිසේන වටකරන දිනය ළඟාවෙමින් ඇති බවත් රාජිත මන්ත්‍රීවරයා පැවසීය.

දේශප්‍රේමය උගන්වන්න තුප්පහි මාධ්‍ය අනවශ්‍යයි - දඹර අමිල හිමි 

මෙම රැලියේ අදහස් දැක්වූ දඹර අමිල හිමියන්ද අවධාරණය කර සිටියේ ප්‍රජාතන්ත්‍රවාදයට පිටුපා තවදුරටත් සිරිසේන කටයුතු කරනවා නම් සිරිසේනගේ උන්හිටි තැන්  වටකර ප්‍රජාතන්ත්‍රවාදය දිනාගන්නට ජනතාව සූදානම් වියයුතු බවයි. අවස්ථාවාදී දේශප්‍රේමය වෙනුවට රට වෙනුවෙන් ජීවිතය වුවත් පූජා කිරීමට සූදානම් නියම දේශප්‍රේමය තමන් ඇතුළු පාර්ශවයට අලුතෙන් ඉගැන්වීමට හිරු දිවයින වැනි කුමන්ත්‍රණ ආණ්ඩුවට සහය දක්වන මාධ්‍ය කටයුතු කරන බවත් දේශප්‍රේමය ඉගැන්වීමට ඒ තුප්පහි මාධ්‍ය අනවශ්‍ය බවද දඹර හිමියන් සඳහන් කර සිටියේය.

46818504 1902570643174595 292717839586951168 n

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න