ශ්‍රීලනිපය බේරාගැනීමේ පළමු මෙහෙයුම : හෙට (25) ප.ව. 2:00 මහජන පුස්තකාලයේ !

ශ්‍රීලනිපය බේරාගැනීමේ පළමු මෙහෙයුම : හෙට (25) ප.ව. 2:00 මහජන පුස්තකාලයේ !

සිරිසේන ජනාධිපතිගේ කුමන්ත්‍රණ ආණ්ඩුවත් ඔහුගේ දුර්වල නායකත්වය හමුවේ මේ වන විට ඉතිහාසයේ කිසිදිනක සිදුනොවූ ආකාරයට දුර්වල වෙමින් ඇති  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරා ගැනීමේ අරමුණ ඇතිව නොවැම්බර්  25 ඉරිදා සවස 2.00 විශේෂ රැස්වීමක් සංවිධානය කර ඇති බව වාර්තා වෙයි.

කොළඹ මහජන පුස්තකාල ශාලාවේ සංවිධානය කර ඇති එම රැස්වීම සම්බන්ධයෙන් මේ වන විට රට පුරා මහත් උනන්දුවක් ඇති වී තිබෙන බව වාර්තා වන අතර දිවයිනේ සිටින ශ්‍රීලනිපයේ ප්‍රබල දේශපාලන චරිත රැසක් මෙම ක්‍රියාකාරී  පාක්ෂික හමුවට සහභාගී වන බවට සහතික වී ඇතැයිද සංවිධායකයන් සඳහන් කරයි.

මේ අතර එම රැස්වීම කඩාකප්පල් කර දැමීම සඳහා පක්ෂ නායක සිරිසේන විසින් දරණු ලබන උත්සාහයන්ද උත්සන්න කර ඇති බවද වාර්තා වන අතර  එහි අවසාන තුරුම්පුව ලෙස රැස්වීමේ සංවිධායකයන් යැයි අනුමාන කරන අය වෙත සාකච්ඡාවකට එන්නැයි කියා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර තම නිවසට ආරාධනා කර ඇති බවත් දැනගන්නට තිබේ. 

ඔවුන්ගේ සැලසුම එම සාකච්ඡාව අතර තුර යම කලහකාරී තත්ත්වයක් නිර්මානය කොට පොලිසිය කැඳවා සංවිධායකවරුන් පොලිස් අත් අඩංගුවට පත් කිරීමය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න