"සිරිසේන මහත්තයා මෙහෙම ඉන්න ඉන්න රට සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. බහුතරය තියෙන පැත්තට දෙන්න ඕනේ."
ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම බීබීසී සිංහල සේවයට එලෙස ප්‍රකාශ කළේය. ඔහු මෙසේ පැවසුවේ අඟහරුවාදා (27) පාර්ලිමේන්තු සැසියට සහභාගි නොවීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් තීරණය කිරීමෙන් අනතුරුවය.
මේ සම්බන්ධයෙන් තමන්ගේ අදහස ජනාධිපතිවරයා විසින් පත් කර තිබෙන අගමැති මහින්ද රාජපක්ෂට ප්‍රකාශ කළ බව ද වෙල්ගම මන්ත්‍රීවරයා පැවසීය.
"පිළිගන්න නොපිළිගන්න එක මම දන්නෙ නෑ. නමුත් මම මගේ අදහස කියල තියෙන්නේ."
"මේක මුළු රටටම බලපාන ප්‍රශ්නයක්, මුළු රටටම. මුළු රටම ඉවරයිනේ?" ඔහු බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේය.
"මේ සිරිසේන මහත්තයා හරි තීරණයක් ගත්තෙ නැති නිසා මේ රට සම්පූර්ණයෙන් ඉවරයි."
පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැතිව "නටන නාඩගම"ට තමන් අකමැති බව ද කුමාර වෙල්ගම පැවසීය.
(බීබීසී)

