කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂගේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම එළඹෙන සිකුරාදා (14) විභාගයට ගැනීමට නියමිතනමුත් ඊට එරෙහිව හෙට (13) මෝසමක් ගොනුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
නීතිඥවරුන් විසින් මෙම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකිරීමට නියමිත අතර එහිදී පෙන්වාදී ඇත්තේ 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝජනය කරන විනිසුරු මඩුල්ලේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිටීම විශ්වසනීයත්වය සම්බන්ධව බරපතල ගැටළුවක් නිර්මාණය වන බවයි.
ඊට නිදර්ශන දක්වමින් නීතිඥවරුන් පෙන්වා දෙන්නේ ඊවා වනසුන්දර විනිසුරුවරිය මහින්ද රාජපක්ෂ අතර තිබෙන හිතවත්කමය. එහිදී 2014 ජූලි මස 6 වන දින දේශය පුවත්පත සඳහා ඊවා වනසුන්දර විනිසුරුවරියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් නීතිඥවරුන් පෙන්වාදී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට ඉතා සමීපව සිටින බවත්, දිනක් ගෙදර යන අතර තුර ඔහුව හමුවීමට කැඳවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලට පත්වීම ලබාදුන් බවට ඇය සඳහන්කර ඇති බවය.
ඒ අනුව දෙසැම්බර් 14 විහාගයට ගැනෙන පෙත්සමේ මහින්ද රාජපක්ෂ මුලික වන බැවින් ඒ සඳහා ඊවා වනසුන්දර සහභාගීවීම සම්බන්ධව සුදුසු පියවරක් ගන්නා ලෙස මෙම මෝසම හරහා නීතිඥවරුන් ඉල්ලා ඇත.
නීතිඥවරුන් හෙට (13) ගොනුකිරීමට අපේක්ෂිත මෝසමේ දළ සටහනක් පහත දැක්වේ
WHEREAS this matter was taken up on 12th December 2018 without due notice to the Respondents;
AND WHEREAS in deference to the request of court, Mr. K. Kanag-Isvaran PC took notice of the application for special leave to appeal on the basis of the undertaking of the Petitioners-Respondents that complete briefs in this and other connected applications would be delivered to his chambers by 4:00pm on 12th December 2018;
AND WHEREAS at the insistence of the Petitioners this application was fixed for support on Friday, 14th December 2018;
AND WHEREAS it now transpires that there is only one bench of Your Lordships' Court sitting on 14th December 2018, comprising also of Hon. Justice Eva Wanasundera;
AND WHEREAS the ... Respondents are reliably informed that Hon. Justice Eva Wanasundera had in an interview published in the Deshaya newspaper of 6th July 2014 that she was very close to Mr. Mahinda Rajapaksa and who called her to meet him and offered her appointment to the Supreme Court bench;
AND WHEREAS the said Mr. Mahinda Rajapaksa is the Petitioner whose appointment is the subject matter of this application;
AND WHEREAS in the circumstances the ... Respondents entertain serious concerns pertaining to this matter being taken up by a bench of Your Lordships' Court comprising Hon. Justice Eva Wanasundera who is listed to sit on the only bench to sit on Friday, 14th December 2018;
I respectfully MOVE that Your Lordships' Court be pleased to make appropriate direction in respect of the hearing of this application on 14th December 2018.
Registered Attorney-at-Law for the ... Respondents.
Notice of this Motion has been dispatched to the Petitioners in proof whereof the relevant registered postal article is appended hereto.
Registered Attorney-at-Law for the ... Respondents.

