පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකරගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් සිය නීතිඥයින් මාර්ගයෙන් එන්තරවාසියක් යැවීමට ජනප්‍රිය රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා කටයුතු කර තිබේ.
ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් අයුතු ලෙස රුපියල් ලක්ෂ 27ක් මුදල් ලබාගත් බවට මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය නිසා සිය කීර්ති නාමයට හානියක් සිදු වී ඇති බව සඳහන් කරමින්ය.
නීතිඥ උදුල් ප්‍රේමරත්න හරහා යවා ඇති එම එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ 2018 නොවැම්බර් 30 වනදා හෝ ඊට ආසන්න දිනකදී අදාළ මන්ත්‍රීවරයා මේ ද්වේෂසහගත ප්‍රකාශය සිදුකල බවය.
එම එන්තරවාසිය පහත දැක්වේ.


