Image

මහින්ද ගියා නෙවෙයි යන්න කිව්වා : සිරිසේන පාර්ශවයෙන් දන්වයි !

මහින්ද ගියා නෙවෙයි යන්න කිව්වා : සිරිසේන පාර්ශවයෙන් දන්වයි !

මහින්ද රාජපක්ෂට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දුන්නේ ජනාධිපති සිරිසේන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පාර්ලිමේන්තුවේ බහුතරය දින ගැනීමට හැකි බව අවස්ථා කිහිපයකදී දන්වා සිටි නමුත් ඔහුට ඒ සිදුකර ගැනීමට නොහැකිවූ බවත් ඒ හමුවේ රට අස්ථාවරවීම වළක්වා ගැනීමට ජනාධිපති සිරිසේන ඔහුට ඉල්ලා අස්වීමට දැනුම්දී නව අගමැතිවරයෙකු පත්කිරීමට තීරණය කල බවද එම ආරංචිමාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා  ඉල්ලා අස් නොවුනත් වෙන අගමැතිවරයෙක් පත් කරන්න ජනාධිපති සිරිසේනට නොහැකි වන බැවින් මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ඊයේ  (14) සිදුකල ප්‍රකාශය නිවැරදි නොවන බවත් එම ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

එසේම ඒ හරහා ජනාධිපති සිරිසේන ගනුලැබූ තීරණයේ ගෞරවය ඔහුට හිමි නොවී යන බවද එම ආරංචිමාර්ග පවසයි.

 ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරන්නේ මින් ඉදිරියට ජනාධිපතිවරයා සහ ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සම්බන්ධවත් එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධවත් නිල ප්‍රකාශකයන් හැර වෙනත් කිසිවෙකුට් මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට අවස්ථාව හිමි නොවන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න