Image

ජනබල මෙහෙයුම : යුක්තියේ සටන ජයග්‍රහණ ජනරැළිය ලෙස 17 වනදා !

ජනබල මෙහෙයුම : යුක්තියේ සටන ජයග්‍රහණ ජනරැළිය ලෙස 17 වනදා !

යුක්තියේ සටන ජයග්‍රහණය සැමරීමේ ජනරැළියක් මේ මස 17 වන දින පස්වරු 01.00 ට  ගෝල් ෆේස් පිටියේ දී එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වීමට සූදානම් කර ඇති බවට එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද (15) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හෙට (16) දිනයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිත බවත් පැවසීය.

නැවතත් අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ  ජනාධිපති සිරිසේන ඉදිරියේ හෙට පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත නමුත් එම දිවුරුම් දෙන  ස්ථානය සම්බන්ධයෙන් තීරණයක් නැති අතර එය  පසුව මාධ්‍ය වෙත  දැනුම් දෙන බවද මන්ත්‍රීවරයා පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න