පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බැවින් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය සහ මන්ත්‍රී ධුරය අහෝසි වන බවට මත පළවෙමින් තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ ද මේ බව සඳහන් කරන අතර
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව පක්‍ෂයේ සාමාජිකයකු වෙනත් දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වය ලබා ගත් විට පක්‍ෂය තුළ ඔහු දැරූ සියලූ තනතුරු ඉබේම අහෝසි වන බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායමට තව දුරටත් එම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොවන බව පෙන්වාදෙන මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම්වරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම්වරයා වහාම මේ පිළිබඳව පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට සහ මැතිවරණ කොමිසමට දැනුම් දිය යුතු බවය.
මහා ලේකම්වරු දෙදෙනා තමන්ගේ වගකීම නිසි ලෙස ඉටුනොකරන්නේ නම් අධිකරණය වෙත යෑමට සූදානම් බවද ඔහු පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
