ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා මත කොළඹ පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන ආකාරයට මෙම පුද්ගලයා කුලතිස්ස ගීගනගේ නම් වන අතර පොලිස් අපරාධ කොට්ඨාශය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මස 28 වනදා හිටපු ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට පැමිණිමේදී කලහකාරී තත්වයක් හටගතේය.
එහිදී කළහකාරී ලෙස හැසීරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.
සැකකරු අද(07) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
