සිරිසේනගෙන් තවත් ගැසට් නිවේදන දෙකක් !

සිරිසේනගෙන් තවත් ගැසට් නිවේදන දෙකක් !

කැබිනට් සහ කැබිනට් නොවන අමාත්‍ය ධුර කිහිපයකට අදාළව රාජ්‍ය ආයතන හා කාර්ය භාරයන් සංශෝධනය කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවත් අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු රවීන්ද්‍ර සමරවීර ට අදාළ රාජ්‍ය ආයතන ලෙස කම්කරු දෙපාර්තමේන්තුව, ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනය, සේවක අර්ථ සාධක අරමුදල, කම්කරු වන්දි කොමසාරිස් කාර්යාලය, ශ්‍රම වාසනා අරමුදල, සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු ආයතන 9 ක්, නම්කර ඇත.

එම ආයතන පෙර පැවතියේ කම්කරු, වෘත්තීය සබඳතා සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යවරයා වූ දයා ගමගේ යටතේය.

පසුව එම අමාත්‍යංශය ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කෙරුණු අතර ප්‍රාථමික කර්මාන්ත විෂයට අදාළව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත්, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයත් දයා ගමගේ අමාත්‍යවරයා යටතට පත් කර තිබේ.

මේ අතර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය ධූරය දරන හර්ෂ ද සිල්වා අදාළව තවත් ආයතන කිහිපයක් නව ගැසට් පත්‍රයෙන් නිවේදනය කර ඇති බවද වාර්තා වෙයි.

ඒ අනුව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පැවති ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත්, පී. හැරිසන් අමාත්‍යවරයා යටතේ පැවති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවත් හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා යටතට පත් කර තිබේ.

තවද 1990 සුවසැරිය පදනම, පවුල් ආර්ථික ඒකකය, දත්ත විශ්ලේෂණ ඒකකය සහ මහජන සැපයීම් කාර්ය සාධක බලකාය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම්, කැබිනට් නොවන අමාත්‍ය ධූරය යටතට පත් කෙරුණු අනෙක් නව ආයතනය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න