දේශපාලන කුමන්ත්‍රණය නිසා සිදුවූ ආර්ථික හානිය : මහ බැංකු අධිපති අනාවරණය කරයි !

දේශපාලන කුමන්ත්‍රණය නිසා සිදුවූ ආර්ථික හානිය : මහ බැංකු අධිපති අනාවරණය කරයි !

ඔක්තෝබර් 26 වනදා සිට ජනපති සිරිසේන සහ මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ආයතන ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබුණු ණය මුදල් අත්හිටවූ බවත් දේශපාලන අස්ථාවරභාවය මාස දෙකක් පැවතීමෙන් ශ්‍රී ලංකාවට විශාල පීඩනයක් එල්ල වූ බවත් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසා ඇත.

ඒ පසුගියදා පැවති ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයින්ගේ සංගමයේ වාර්ෂික සැසිය අමතමිනි.

ඔක්තෝබර් 26 වන සිකුරාදා රාත්‍රී 7.30 වනවිට මහබැංකුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ රාජකාරි මට්ටමේ එකඟතාවකට පැමිණ සිටි බවත් ඊළඟ සඳුදා වනවිට එම එකඟතාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමට ඔවුන් සූදානමින් සිටි බවත් පවසා ඇති මහ බැංකු අධිපතිවරයා ඉන් පැය දෙකක් ගතවන විට IMF නිලධාරීන් එම නිවේදනය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ බව ද පවසා තිබේ.

ඒ අනුව IMF ණය වාරිකය අහිමි වූ බවත් ණය දීමේ හැකියාව ඇති ආයතන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය ස්ථාවර වන තුරු ණය දීමට නොහැකි බව දැන්වූ බවත් පෙන්වාදී තිබෙන මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ එසේ ණය ලබාගත නොහැකිව ගතවූ මාස දෙකක කාලය නිසා ශ්‍රී ලංකාවට තවත් විශාල පීඩනයකට මුහුණ පෑමට සිදුවූ බවය.

එසේ අහිමි වූ මාස දෙකක කාලයත් තවදුරටත් එකතුවන විදෙස් ණයත් නිසා විශාල අර්බුදයක් ඇතිවන බවත් වාසනාවකට මෙන් එයින් පිටතට පැමිණෙන මාර්ගයක් සොයාගත හැකිවෙතැයි තමන් සිතන බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න