ගර්භනී ගුරුවරියන්ගේ ඇඳුමට විදුහල්පතිවරුන්ගෙන් කොක්කක් !

ගර්භනී ගුරුවරියන්ගේ ඇඳුමට විදුහල්පතිවරුන්ගෙන් කොක්කක් !

ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කර ඇති ඇඳුම ඇඳගෙන පාසල්වලට පැමිණීම ඇතැම් විදුහල්පතිවරුන් තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය, සම්ප්‍රදාය සහ සංස්කෘතිය ආරක්ෂාවන පරිදි වෛද්‍යවරුන්ගේ ද නිර්දේශ මත පාසල් ගුරුවරියන් වෙනුවෙන් හඳුන්වාදෙන ලද මෙම ඇඳුමට විරුද්ධ වීම පදනම් විරහිත සහ කණගාටුදායක තත්වයක් බවත් ඒයින් ගර්භිනී ගුරුවරියන් අපහසුතාවට පත්වන කාරණයක් බවත් අමාත්‍යාංශය පවසයි.

ඒහෙයින් කිසිදු අයුරකින් හෝ මෙම ඇඳුමට විරෝධය පළකිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නොමැති බවත් එවැනි විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 වෙත වාර්තා කිරීමට පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරියන්ගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න