වර්ෂ 2010 සිට 2015 දක්වා වසර පහක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකර සිටිම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරා තිබූ නඩු පහකින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇත.
අවුරුදු පහක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන වසරකට එක බැගින් නඩු 5ක් මන්ත්‍රීවරයාට එරෙහිව පවරා තිබුණි.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29දා) ඊට අදාළ නියෝගය නිකුත් කර ඇති අතර ඒ එම නඩු පහටම අදාළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව සඳහන් කරමින්ය.

