එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පුළුල් වෙයි : විදෙස් ශ්‍රමිකයන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ට වැඩි වාසි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පුළුල් වෙයි : විදෙස් ශ්‍රමිකයන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ට වැඩි වාසි !

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමවලට ආවරණය වී නොමැති ක්ෂේත්‍ර ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව සහනදායී නිවාස ණය අපේක්ෂා කරන විදේශ සේවා නියුක්තිකයින්, සාමාන්‍ය බස් රථ වෙනුවට නාගරික සුඛෝපභෝගී බස් රථ ධාවනයේ යෙදවීමට අපේක්ෂිත පෞද්ගලික බස් හිමියන්, වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ඉදි කිරීම හා වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයින් හා කුලී රථ සේවය වෙත යොමුවීමට කැමති ත්‍රී රෝද රථ හිමියන් වැනි පිරිස් අමාත්‍යවරයාගේ මෙම නව හඳුන්වාදීම හරහා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට ඇතුලත් වෙයි.

වාර්තා වන ආකාරයට මේ යටතේ විදෙස්ගත ශ්‍රමිකයන්ගේ නිවාස සිහිනය සැබෑ කරගැනීමට රුපියල් මිලියන 10ක සහන පොළී ණයක් ලබාගැනීමට හැකියාව ලැබේ. එම මුදල වසර 15ක් තුළ ගෙවීමේ කොන්දේසිය මත ලැබෙන අතර ණය මුදලට අදාළ පොළියෙන් 75%ක් භාණ්ඩාගාරය හරහා බැංකු වෙත ගෙවීමට නියමිතය. එසේම මෙම අවස්ථාව හිමිවන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදෙස් ගතවූ ශ්‍රමිකයන්ට බවද වාර්තා වෙයි.

තවද ත්‍රීරෝද රථ වෙනුවට සැහැල්ලු මෝටර් රථ හරහා ආරක්ෂිතවුත් සුවපහසුවූත් ප්‍රවාහන පහසුකම් සැළසීමේ අපේක්ෂාවෙන් යුතුව කුළී ටැක්සි රියදුරු වෘත්තියේ නිරතවන්නන් හට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ සහන පොළී ණයක් ලැබීමේ අවස්ථාව හිමිවන අතර ඒ සඳහා එක් අයෙකුට රුපියල් මිලියන 2ක ණය මුදලක් ලැබීමේ අවස්ථාව හිමිවන අතර පොළී සහනය 75%කි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න