ජනාධිපති සිරිසේනගේ දේශපාලන කටයුතු විවේචනය කරන පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කරන ලෙස ඔහුගේ අලුත්ම දේශපාලන රැකවලා බවට පත්ව සිටින විමල් විරවංශ සමාජ ජාල ක්‍රියාකාරීන්ට දැනුම්දී තිබේ.
ගොරකාන ඇක්වා පර්ල් හෝටලයේදී නිදහස් දින රාත්‍රිෙය්දී සමාජ මාධ්‍ය ජාල ක්‍රියාකාරීන් වෙනුවෙන් රාත්‍රී සාදයක් සංවිධානය කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් විසින් සංවිධානය කර තිබූ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයේ මත් පැන් නොතිබූ අතර ආහාර පමණක් සූදානම් කර තිබුණි.
විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම සාදයට පැමිණෙන විට මහින්ද රාජපක්ෂට හා මෛත්‍රීපාල සිරිසේනට හිතවත් සමාජ ජාල ක්‍රියාකාරීන් පනහක් පමණ පැමිණ සිට ඇති අතර තමන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කැදවූ හේතුව පිළිබද ඔහු මෙහිදී සංක්ෂිප්තව කරුණු ඉදිරිපත් කර ඇත.
ඒ අවස්ථාවේදී එක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් පවසා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාගේ කටයුතු අගය කරන නිසා ඔහු විවේචනය කළ යුතු බවය.
ඒ අවස්ථාවේදී විමල් වීරවංශ පවසා ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා කළ යුතු බවත්, ඔහුට විරුද්ධ වන පුද්ගලයින්ට මඩ ප්‍රහාර එල්ල කළ යුතු බවත්ය.
“මේ වෙලාවේ කොන්දේසි විරහිතව මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා කරන්න ඕන. මේ වෙලාවේ ජනාධිපතිවරණයක් තිබුණොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට දහයක ඡන්ද ප්‍රතිශයත් හිමිවෙනවා. ඒක ජනාධිපතිවරණයක් ජයගැනීමට බලපානවා. මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේනට විරුද්ධ වෙන අය රනිල් වික්‍රමසිංහටයි උදව් කරන්නේ. කණ්ඩායම් විදියට මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂා කරන්න ඕන. ඒකට තමයි මම ඔය අය මෙතැනට ගෙන්නුවේ“විමල් වීරවං මෙසේ පැවසුවේ යැයි එම සාදයට එක්වූ අයෙක් අප සමග පැවසුවේය.
මෙසේ ප්‍රහාර එල්ල කිරීමට සිදුවන්නේ පොහොට්ටුව තුළ සිටින ප්‍රසන්න රණතුංග ඇතුළු කණ්ඩායමකට බව එම සමාජ ජාල ක්‍රියාකාරිකයා වැඩිදුරටත් සදහන් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
