Image

ජාතික ආණ්ඩුව අවශ්‍ය ඇමතිධුර වැඩි කරගන්න නෙවෙයි - තලතා

ජාතික ආණ්ඩුව අවශ්‍ය ඇමතිධුර වැඩි කරගන්න නෙවෙයි - තලතා

ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වෙන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නොවන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ පවසයි.

අමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ බලංගොඩ ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ජනතා අයිතියට පත් කිරීමෙන් පසුව මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

ප්‍රශ්නය -ජනාධිපතිතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා ගැන හොද කියනවා මේ පැත්තට ගන්නද දන්නේ නැහැ නේද ?

පිළිතුර -මට වගකීමෙන් කියන්න පුළුවන් මං වගේම සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාත් කවදාවත්ම මේ පක්ෂය පාවා දෙන්නවත් මේ පක්ෂය කවදා හරි ජයග්‍රහණය කරලා රටේ පොඩි මිනිහා වෙනුවෙන් ඉන්න නායකයා එතුමා එහෙම කරන්නේ නැති විත්තිය මට වගකීමක් ඇතිව කියන්න පුළුවන් වගේම එතුමා ගැන කාට හරි එහෙම සැකයක් තියෙනවා නම් ඒ සැකය මං පිළිබදවත් තියා ගන්න කියලා කියනවා.

ප්‍රශ්නය -බන්ධනාගාර කමිටුව දාපු එකේ තීරණය තාම නැද්ද ?

පිළිතුර-මෙහෙමයි ඒ අයට අවශ්‍ය අවසරය දීලා තියෙනවා 05 වෙනිදා වෙනකල් අපිට කමිටුවේ වාර්තාව ලබා දෙන්න .අගුණුකොලපැලැස්ස සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අවශ්‍ය විදිහට තීන්දු තීරණ අර ගෙන ක්‍රියා කරනවා.හැබැයි බන්ධනාගාරයක් තුළ රැදවියන් මේ විදිහට හැසිරවීමේදී පාලනය කරන්නඩත් බලයක් බන්ධනාගාර නිලධාරීන්ට තියෙනවා.ඉතිං ඒ පහරදීම සම්බන්ධයෙන් තමයි හොයා බලන්නේ .පහරදීම ගැන හොයලා බලලා තමයි කමිටුවෙන් පස්සේ තීරණයක් ගන්නේ .

ප්‍රශ්නය-ඒකේ සී.සී.ටී.වී.දර්ශන පිටවීම සම්බන්ධයෙන් ?

 පිළිතුරු-දර්ශන පිටවීම සම්බන්ධයෙනුත් අපි පරීක්ෂණයක් කරනවා.බන්ධනාගාරයක රජයේ නිලධාරීන්ට තියෙන දේ ඒ ගොල්ලෝ කරන්න ඕන.එහෙම තොරතුරු එලියට යනවා නම් ඒ වගකීම ඒවා බාරව සිටි අය භාර ගන්න ඕන.

ප්‍රශ්නය-නව ව්‍යවස්ථාවක් පිළිබදව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරනවා .චෝදනා කරනවා ?

පිළිතුර -ඕක ඉතිං හැමදාම ඒකාබද්ධයේ බිල්ලෙක් .අළුත් ව්‍යවස්ථාවක් කිය කියා රට වටේ යනවා .පන්සල් ගානේ හාමුදුරුවරුන්ට කියා ගෙන යනවා.කිසිම හේතුවකට මේ රටේ ඒකීයභාවයවවත් භෞමික අඛණ්ඩතාවයවත් මොනම හේතුවකටවත් බිදෙන්නේ නැහැ.මොකද එක්සත් ජාතික පක්ෂය හැටියට මට වගකීමෙන් කියන්න පුළුවන් .අපි පක්ෂයක් ලෙස හැමදාම බෞද්ධාගම ආරක්ෂා කරන්න .රට ආරක්ෂා කරන්න සියලු දෙනා වෙනුවෙන් වැඩ කරන්න කැප වෙලා ඉන්නවා.ව්‍යවස්ථාවක් ඇතිව යම් කිසි දේවල් වෙනස් වෙන්න ඕන.අවසාන වතාවට ව්‍යවස්ථාව ගෙනාවේ 1978 .එතකොට ජනගහනය ලක්ෂ 150 ත් විතර .අද ලක්ෂ 210 ක් ඉන්නවා .අධිකරණය තුළ යම්කිසි වෙනසක් වෙන්න ඕන නම් ව්‍යවස්ථාවේ වෙනසක් වෙන්න ඕන.ඒ වගේම දේකට ව්‍යවස්ථාවක් වෙනස් වෙන්න පුළුවන්.හැබැයි කියන විදිහට මේ රටේ කොටස් කඩන්නවත් වෙන වෙන පළාත්වලට ලබා දෙන්නවත් ව්‍යවස්ථාවක් කොහේවත් කෙටුම්පත් වෙලත් නැහැ.කෙටුම්පත් කරන්න කවුරුත් උත්සාහ කරන්නේවත් නැහැ .

ප්‍රශ්නය -ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න යනවා ඇමතිකම් වැඩි කර ගන්න නේද හදන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවලා ?

පිළිතුර-ජාතික ආණ්ඩුවක් පිහිටුවන එක ගැන තවම මොකුත් කියන්න බැහැ.මට හිතෙනවා ඇමතිවරුන්ගේ සංඛ්‍යාව පාලනය කරන්න ඇමතිවරුන්ගේ සංඛ්‍යාව තීරණ වෙන් ඕන.රටේ වැඩ කටයුතු දිහා බලලා .විශාල ඇමති මණ්ඩලයක් අවශ්‍යද කියලා අපිටත් ගැටළුවක් තියෙනවා .ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය වෙන්නේ ඇමති මණ්ඩලය වැඩි කිරීම නෙමෙයි.ජනාධිපතිතුමා පත් කළේ අගමැතිතුමා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ අපි විශාල කැපවීමක් කරලා.එතකොට අපිත් ජනාධිපතිතුමාත් එක ආණ්ඩුවක් විදිහට වැඩ කර ගෙන යන්න නම් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය තියෙනවා.ඒක අවසානයේ පාර්ලිමේන්තුව විසින් තීරණය කරන්න ඕන .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න