පොලිස් මූලස්ථානය විසින් ඊයේ (05) පැවැත්වීමට සැලසුම් කර තිබූ මාධ්‍ය සාකච්ඡාව කිසිදු හේතුවක් නොමැතිව අවලංගු කර ඇති අතර ඒ මධුෂ් ඇල්ලීමේ මෙහෙයුම සම්බන්ධව ප්‍රබල දේශපාලනඥයකුට "ලකුණු" දමා ගැනීම සඳහා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ වන විටත් මෙම දේශපලනඥයා සිය සමාජ ජාල - වෙබ් අඩවි හරහා අදාළ මෙහෙයුම තමන්ගේ මැදිහත්වීම නිසා සිදුවූවක් බවට ප්‍රචාරයක් දියත්කර ඇති බවත් එම ආරංචිමාර්ග පවසයි.
අදාළ මාධ්‍ය සාකච්ඡාව සවස 5.45ට පැවැත්වෙන බවට මාධ්‍ය ආයතනවලට දන්වා එවා තිබූ අතර, එම දැනුම් දීම අනුව බොහෝ මාධ්‍ය ආයතන නියෝජිතයන් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබූ ස්ථානයට වාර්තා කර තිබිණි.
ඊයේ දිනයේදී සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස නම්කර සිටින 'මාකඳුරේ මධුෂ්' නමැත්තා ඇතුළු පිරිසක් ඊයේ (05දා) දිනයේදී ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ස්ථාන දෙකකදී හෙරොයින් කිලෝ 110ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීණි. අදාළ සුවිශේෂී කරුණු දෙකක් සිදුව තිබියදී පොලිස් මූලස්ථානය කැඳවූ මාධ්‍ය සාකච්ඡාව අවලංගු කිරීම තුළ මාධ්‍යවේදීන් පසුවූයේ දැඩි විමතියකිනි.

