පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩුදුන් කෝට්ටේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නමෝ නාරායන මධ්‍යස්ථානයේ අධිපති විශ්වකීර්ති දේශබන්දු මහාචාර්ය කීර්ති බන්දුල දිසානායක නැමැති ඡාවාරම්කරුගේ වාලම්පුරි වෙළඳාම පිටුපස ඇති දේශපාලන සබඳතාවන් ජනමාධ්‍ය අවභාවිතාවන්වෙතින් සමාජය මින් මුදාගැනීමේ අවශ්‍යතාවය හා නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කරමින් නිශාන්ත වර්ණසිංහ මන්ත්‍රීවරයා පළාත් සභාවට ගෙනා යෝජනාවකට ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ඇතුළු පිරිසක් විරෝධය දක්වා ඇති බව වාර්තා වෙයි.
නිශාන්ත වර්ණසිංහ මන්ත්‍රීවරයා අදාළ යෝජනාව ගෙනවිත් ඇත්තේ ඊයේ (05) වන අතර සිතූ පැතූ සම්පත් ගෙනදෙනවායැයි කියන වාලම්පුරි මිත්‍යාවට එරෙහිව බස්නාහිර පළාත් සභාවට නිශාන්ත වර්ණසිංහ මන්ත්‍රීවරයා ගෙන ආ රීති අත්හිටුවීමේ යෝජනාවට මහඇමති ඉසුරු දේවප්‍රිය ඇතුළු ආන්ඩු පක්ෂයේ මන්ත්‍රීන්ගෙන් බාධා එල්ලවි ඇත්තේ ඒ අවස්ථාවේදීය.
අදාළ යෝජනාව විවාදයට ගැනීමට දිගින් දිගටම විරෝධය පළකරමින් ගැනී සිටි ආණ්ඩු පක්ෂයේ පොහොට්ටු මන්ත්‍රීවරුන් රීති පක්ෂ වරප්‍රසාද පක්ෂ මතුකරමින් යෝජනාව විවාදයට ගැනීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළ අතර සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ රීති අත්හිටවීමේ යෝජනාවට සභාවේ අනුමැතිය ලැබී ඇති බැවින් මෙය විවාදයට ගත යුතු බවයි.
මෙම අවස්ථාවේ දී මහඇමතිවරයාගේ සංඥාවක් මත ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් එළියට ගත් අතර මහඇමතිගේ අනුදැනුම මත ඝනපූර්ණය අහිමිකරමින් සභාවේ කටයුතු කල්තැබීමට නතර කර ඇති බවද වාර්තා වෙයි.
විපක්ෂයේ දැඩි විරෝධය මත ඊළඟ සභාවාරයට කල්තැබුවද ඝනපූර්ණය නැතිකළද දහවල් ආහාර සඳහා ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා භෝජනාගාරයට පැමිණ සිටීම විශේෂත්වයක් විය. විශාල මහජන මුදලක් වැයකර මෙම සභාව පැවැත්වීමට කටයුතු කළද පැයකට ආසන්න කාලයක්වත් සභාව නොපැවැත්වීම ගැන පැමිණ සිටි නිලධාරින් හා මාධ්‍යවේදීන් අප්‍රසාදය ද පළකරනුද දැකගත හැකිවිය.
මේ පිළිබඳව පළාත් සභා විපක්ෂ නායක කාර්යාලයේ නිශාන්ත වර්ණසිංහ සුසිල් කිඳෙල්පිටිය, කීර්ති කාරියවසම් යන මන්ත්‍රීවරුන් මාධ්‍ය හමුවක්ද පවත්වන ලදි.

