මාලි රාජ්‍යයේදී සෙබළුන් දෙදෙනෙකු මියගියාට : සිරිසේනගේ චෝදනාව මානව හිමිකම් කොමිසමට !

මාලි රාජ්‍යයේදී සෙබළුන් දෙදෙනෙකු මියගියාට : සිරිසේනගේ චෝදනාව මානව හිමිකම් කොමිසමට !

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා සේවයෙහි යෙදී සිටියදී ප්‍රහාරයකට ලක්ව මියගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට චෝදනා කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (06) පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ජනාධිපතිවරයා චෝදනා කරන්නේ එම හමුදා සාමාජිකයින් දෙදෙනා ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට නියමිතව තිබුණේ මීට මාස හයකට පමණ පෙර බවත් එහෙත් සාම සාධක සේවයට යවන සෙබළුන්ගේ මානව හිමිකම් පසුබිම සොයාබලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම "කරදර කිරීම" නිසා ඔවුන්ට නියමිත කාලයට ආපසු ඒමට නොලැබුණු බවත් ය.

එහෙයින් මානව හිමිකම් කොමිසම අදාළ "කරදරය" නොකළා නම් එම මේජර්වරයා සහ සෙබළා කිසිසේත්ම මරණයට පත් නොවන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මේ අතර ඉදිරි මාස දෙකක කාලය තුළ නියත වශයෙන් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන බවත් එහිදී අපරාධ කරුවන් ආරක්ෂා කිරීමට නොපැමිනෙණ ලෙස මානව හිමිකම් සංවිධාන වෙත දන්වන බවද ජනාධිපති සිරිසේන පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න