ජනාධිපති ලේකම් කාර්යාල රියදුරා කුඩු එක්ක මාට්ටු : ගම පොළොන්නරුව !

ජනාධිපති ලේකම් කාර්යාල රියදුරා කුඩු එක්ක මාට්ටු : ගම පොළොන්නරුව !

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග‍්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල වැව අසළ දී ඊයේ (17) අත්අඩංගුවට අයත් බව අරලගංවිල පොලීසිය සඳහන් කරයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප‍්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචි කරුවන් දෙදෙනෙකු වෙයි.

වාර්තා වන ආකාරයට මෙම අත්අඩංගුවට ගනුලැබූ දෙදෙනාගෙන් එක් පුද්ගලයෙකු කොළඹ ජනාධිපති ලේකම් කාරයාලයේ රියදුරෙකු ලෙස සේවය කරන අතර අනිත් තැනැත්තා කොළඹ ප‍්‍රදේශයේම ති‍්‍රවිල් රථ රියදුරෙකු ලෙස සේවය කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් සහ මත්කුඩු අද (18) මනමිපිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න