සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වැනිදා දවස පුරා !

සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වැනිදා දවස පුරා !

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් සංවිධානය කරන විරෝධතාව පෙබරවාරි 20 දින පැවැත්වේ.

එදින පෙරවරු 10 ට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදීද, මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ, සොබාදම් පියස ඉදිරිපිටදීද මෙම විරෝධතා පවත්වන බවත්, මේ දැවැන්ත පරිසර විනාශයට එරෙහිව එම විරෝධතා වලට සහභාගි වන ලෙසත් පරිසර සහ සිවිල් සංවිධාන රැසක එකමුතුවක් වන සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර ආරාධනය කරති.

මෙම විරෝධතා වලට සමගාමීව යුනෙස්කෝ ලෝක උරුම පිළිබද මෙරට කටයුතු සම්බන්ධීකරණය කරන යුනෙස්කෝ ජාතික ලේකම් කාර්‍යාලයට, සිංහරාජයේ මෙම නීතිවිරෝධී ව්‍යාපෘතියට අවශ්‍ය ණය ලබා දෙන ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්‍යාලයට, පරිසර අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා ලිපි භාර දීමටද නියමිත බව සංවිධායකයෝ පවසති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න