නවම් පුන් පොහෝ දින ඇමති රවී පිංකම් රැසක !

නවම් පුන් පොහෝ දින ඇමති රවී පිංකම් රැසක !

එළඹෙන නවම් පුන් පොහෝ දින කතරගම, කිරිවෙහෙර චෛත්‍ය අභියසදී ආමිස සහ ප්‍රතිපත්ති පූජා රාශියක් පැවැත්වීමට අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර ප්‍රවර්ධන අමාත්‍යංශය කටයුතු සංවිධානය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50 ක් පිරීම සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායකගේ ජන්ම දිනය නිමිති කරගනිමින් එම ආගමික කටයුතු සංවිධානය කර ඇත.

වසර 50 ක් පුරාවට ලක්වාසි විදුලි පාරිභෝගික ජනතාවට ඉමහත් සේවාවවක් ඉටුකරමින්, සමස්ත දිවයින විදුලියෙන් ඒකාලෝක කිරීමේ භාරධූර කර්තව්‍යයට උරදුන් ලංකා විදුලිබල මණ්ඩලයට තවත් චිරාත් කාලයක් සිය සේවය අඛණ්ඩව සහ ගුණාත්මකව පාරිභෝගික ජනතාව වෙත සැපයීම සදහා නිසි කලට වැසි ලැබී විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්, ජලයෙන් පෝෂිත වන්නට ආශිර්වාද ලබා ගැනීම මෙහි එක් අරමුණකි.

විදුලිබල ක්ෂේත්‍රය නිසි මගට යොමුකරමින්, එහි වර්ධනය සහ පැවැත්ම වෙනුවෙන් කැපවී සේවය කරනු ලබන විෂයභාර අමාත්‍යතුමන්ගේ ජන්ම දිනය නිමිත්තෙන් කිරිවෙහෙර වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම මෙහි තවත් අරමුණකි.

නවම් පුන් පොහෝ දින පස්වරුවේ අෂ්ටපල බෝධීන් වහන්සේට අටපිරිකර පූජා කිරීම, කදිර සුරිඳුන් වෙනුවෙන් කතරගම මහ දේවාලයේ පළතුරු පූජාව, කිරිවෙහෙර වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන කප්රුක පූජාව, මහසෙන් දේවාලයේ නානුමුර පූජාවක්ද එහිදී පැවැත්වීමට නියමිතය.

කිරිවෙහෙර චෛත්‍ය අභියස පහන් 1500 ක පහන් පූජාව සහ විදුලි බුබුළු 50,000ක් එක්වර දල්වමින් කිරිවෙහෙර චෛත්‍ය අභියස විදුලි ආලෝක පූජාව ආදි විශේෂ පුද පූජා රාශියක් පැවැත්විමටත් කටයුතු සංවිධානය කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න