කරන්නාගොඩ අතුරුදහන් - CID ය දහඅතේ සොයයි !

කරන්නාගොඩ අතුරුදහන් - CID ය දහඅතේ සොයයි !

නාවික හමුදාවේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වී ඇති කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී පුද්ගලයන් එකොළොස්දෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළව නැවත ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ රහස් පොලිසිය වෙත කැඳවා ගැනීම සඳහා පොලිසිය ගත් උත්සාහය ව්‍යර්ථ වී ඇත.

ඒ වසන්ත කරන්නාගොඩ මහතා පදිංචි වී සිටිතැයි කියන නිවෙස් දෙකෙහිම ඔහු රැඳී සිට නැති බැවිනි.

2019 පෙබරවාරි 21 දින උදයේ කිරුළපන පොලිසිය ඔහුගේ පොල්හේන්ගොඩ නිවෙසට ගොස් ඇත්තේ එදිනම පෙරවරු 10.00ට රහස් පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබූ පණිවුඩය දැනුම්දීමටය. එහෙත් කිරුළපන පොලිසිය එහි යනවිට පොල්හේන්ගොඩ නිවසේ සිට ඇත්තේ වසන්ත කරන්නාගොඩ මහතාගේ සහෝදරයකුයැයි කියන අයකු බව දැනගන්නට තිබේ.

එහිදී එම පුද්ගලයා කිරුළපන පොලිසියට පවසා ඇත්තේ කරන්නාගොඩ මහතා වෙසෙන්නේ බැද්දගාන ප්‍රදේශයේ නිවෙසක බවය.

ඒ බව කිරුළපන පොලිසිය විසින් රහස් පොලිසියට දැනුම් දෙනු ලදුව රහස් පොලිසිය විසින් නැවත මිරිහාන පොලිසිය අමතා එම බැද්දගාන නිවෙසට ගොස් පෙබරවාරි 22 දින (සිකුරාදා) පෙරවරු 10.00ට රහස් පොලිසියට පැමිණෙන ලෙසට කරන්නාගොඩ මහතාට දැනුම් දෙන ලෙස කියා තිබේ.

ඒ අනුව මිරිහාන පොලිසිය බැද්දාගන නිවෙසට ගියද එහිද කිසිවකු සිට නැති බව මිරිහාන පොලිසිය රහස් පොලිසියට දන්වා තිබේ.

මෙම 11 දෙනාගේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට 12 දෙනකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, වසන්ත කරන්නාගොඩ, සම්පත් මුණසිංහ සහ තවත් පුද්ගලයකු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාළ චෝදනා ගැන නඩු පවරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව රහස් පොලිසියට අවශ්‍ය උපදෙස් දී ඇති අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වා ගැනීම සඳහා මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට කරන්නාගොඩ මහතා සූදානම් වන බවද 'රාවය' පුවත්පත පසුගිය සතියේ අනාවරණය කර තිබිණ.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න