අලුත් සන්ධානයේ නායකත්වය මෙන්ම ජනාධිපති අපෙක්ෂකත්වය ශ්‍රිලනිපයට අහිමිවෙයි !

අලුත් සන්ධානයේ නායකත්වය මෙන්ම ජනාධිපති අපෙක්ෂකත්වය ශ්‍රිලනිපයට අහිමිවෙයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර ගොඩනගන්නට යෝජිත සන්ධානයේ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය ශ්‍රිලනිපයට ලබාදීමට නොහැකි බව දන්වා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට දෙපාර්ශවය අතර පැවති සාකච්ඡා වලදී පොදුජන පෙරමුණ නායකයන් විසින් මේ බව දැනුම්දී තිබේ.

ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වාදී ඇත්තේ ශ්‍රිලනිප නායකත්වය යටතේ සන්ධාන ගතවීම සදහා තම පක්ෂයේ බහුතරයක් විරුද්ධ බවය.

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන යෝජිත සන්ධානය හරහා ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීමේ දැඩි ප්‍රයත්නයක සිටින බවද දැනගන්නට ඇත.

එසේම මේ සම්බන්ධව පුවත්පතකට ප්‍රකාශයක් ලබාදී ශ්‍රිලනිප මන්ත්‍රීවරයෙකුද සදහන් කර ඇති අතර පොහොට්ටුව සමග සන්ධානයේ දී තම පක්ෂය අසරණ වන තත්ත්වයක් ඇති බවත් එහි කොන්දේසි වලට යටත්වීමට සිදුවන බවත් ය.

එසේම එම මන්ත්‍රීවරයාද යෝජිත සන්ධානයේ නායකත්වය ශ්‍රිලනිප යට නොලැබීම ගැන ද තහවුරු කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න