තරු සිහිනය නැතිවූ නිසා රූකාන්තට ගුටි දීලා !

තරු සිහිනය නැතිවූ නිසා රූකාන්තට ගුටි දීලා !

පෞද්ගලික රූපවාහිනී නාලිකාවකින් මේ දිනවල විකාශනය වන ගී තරු තේරීමේ තරගාවලියක පැවැති තරගයෙන් ඉවත් වූ තරඟකරුවකුගේ ආධාර කරුවන් පිරිසක් රූකාන්ත ගුණතිලක මහතාට සහ ඔහුගේ වාහනයට පහරදීමක් සිදු කර ඇතැයි මත්තේගොඩ පොලිසිය පවසයි.

පහරදීමෙන් රූකාන්ත ගුණතිලක මහතාට සහ මෝටර් රථයට බරපතල හානී සිදුව නැතැයි පොලිසිය කියයි.

බොරලැස්ගමුව රත්තනපිටියේ පිහිටි ස්ථානයකදී මෙම තරගය පවත්වා ඇති අතර එය අවසානයේ දී මෙම පහරදීම සිදු කර ඇතැයි පැවසේ.

200 ක පමණ පිරිසක් තමන්ට විරෝධය පළකර තමාට සහ තම මෝටර් රථයට පහරදීමක් සිදු කළ බව පවසමින් රූකාන්ත ගුණතිලක මහතා පැමිණිල්ලක් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

පහරකෑමෙන් රූකාන්ත ගුණතිලක මහතාගේ සිරුරේ ස්ථාන කිහිපයක තැලීම් දක්නට ලැබුණු බවද පොලිසිය පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න