LTL ලොක්කන්ගේ සැක ගනුදෙනු රැසක් හෙළිවේ !

LTL ලොක්කන්ගේ සැක ගනුදෙනු රැසක් හෙළිවේ !

එල්ටීඑල් සමාගමේ අනුබද්ධ සමාගම්වලින් සිදුකර ඇති මුදල් ගනුදෙනු කීපයක් පිළිබඳව ඒවායේ සේවකයෝ සැක පහළ කරති. එම ගනුදෙනු මෙලෙසය. එල්ටීඑල් (Lanka Transformers Limited) ආයතනයට අනුබද්ධ ආයතනයක් වන ඊසොට් (Esot Limited) හි අධ්‍යක්ෂවරුන් තිදෙනකු වන යූ.ඩී. ජයවර්ධන, රවීන්ද්‍ර පිටිගලගේ සහ එම්.ජේ.එන්. මරික්කාර් යන තිදෙනා ඊසොට්හි ගිණුමකින් රුපියල් 3,783,390ක මුදලක් ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්වලට බැර කරවාගෙන ඇත.

ඊසොට්හි ගිණුම පවතින්නේ කොළඹ කුරුඳුවත්තේ පිහිටි හැටන් නැෂනල් බැංකුවේ වන අතර ඔවුන්ගේ පෞද්ගලික ගිණුම්ද ඇත්තේ එම ශාඛාවෙහිමය. මෙම චෙක්පත අත්සන් කර ඇත්තේද යූ.ඩී. ජයවර්ධන සහ රවීන්ද්‍ර පිටිගල වන අතර ඒ සමගම ඔවුන් උක්ත බැංකුවේ කළමනාකාරවරයා වෙත ලිපියක්ද යවා ඇත.

එම ලිපියෙහි සඳහන්වන්නේ ලිපිය සමග අමුණා ඇති පත්‍රිකාවේ සඳහන් වන තිදෙනාගේ පෞද්ගලික ගිණුම්වලට චෙක්පතෙහි සඳහන් වන මුදලින් යූ.ඩී. ජයවර්ධනට රුපියල් 1,693,650.00ක්ද, එම්.ජේ.එම්.එන්. මරික්කාර්ට රුපියල් 1,112,660.00ක්ද, රවීන්ද්‍ර පිටිගලට රුපියල් 977,080.00ක් වශයෙන් ඔවුන්ගේ 0760002054, 0760002097, 0760002062 ගිණුම්වලට බැර කරන ලෙසටය.

එම ලිපියෙහි විශේෂයෙන් සඳහන් කර ඇති තවත් කරුණු කීපයක්ද වේ. ඒ මෙම ගිණුම්වලට කරන ගෙවීම් රහසිගතව තබාගන්නා ලෙස බැංකු කළමනාකාරවරයා වෙත දැනුම්දීමය. එසේම මේ ගිණුම්වලට අදාළ කිසියම් හෝ ප්‍රකාශයක් ඇත්නම් සමාගමේ වෙනත් නියෝජිතයකුට නොදන්වන ලෙස සහ එවැනි කිසියම් ප්‍රකාශයක් ඇත්නම් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික ලිපිනයන්ට දැනුම් දෙන ලෙසය.

මේ පිළිබඳව එල්ටීඑල් සමාගමේ වෘත්තීය සමිතියේ සභාපති සමීර ගනේගොඩගෙන් විමසූ විට පැවසුවේ අදාළ අයගේ වැටුප් ගෙවීම සඳහා එල්ටීඑල් සමාගමේ අදාළ ගිණුමේ මුදල් නොතිබූ බැවින් ඊසොට් ගිණුමෙන් ගෙවා ඇති බවය.

මෙයට අමතරව 2006.12.31 දාතමින් යුතුව එන්ඩීබී බැංකුවෙන් එල්ටීඑල් ඊසොට් සමාගමට රුපියල් මිලියන 07 බැගින් වූ චෙක්පත් දෙකක් ලැබී තිබේ. සමීර ගනේගෙඩ පැවසුවේ ඒවා සමාගමේ ස්ථිර තැන්පතු සඳහා ගෙවන ලද පොලී මුදල් බවය.

මේ අතර 2015 අගෝස්තු 20 දින යූ.ඩී. ජයවර්ධන රුපියල් 90,000,000 (චෙක්පත් අංකය 548537/7056/056), ආර්.කේ. පිටිගල රුපියල් 90,000,000 (චෙක්පත් අංකය 548542/7056/056), එම්.ජේ.එන්. මරික්කාර් රුපියල් 90,000,000 (චෙක්පත් අංකය 548540/7056/056), ධම්මික අජිත් ජයතිලක නානායක්කාර රුපියල් 49,775,801.15 (චෙක්පත් අංකය 548533/7056/056), සුදත් අන්නාසිවත්ත රුපියල් 33,309,157.79 (චෙක්පත් අංකය 548534/7056/056) වශයෙන් ගෙවීම් කීපයක්ද 2015 අගෝස්තු 24 දින යූ.ඩී. ජයවර්ධන රු. 90,000,000 (චෙක්පත් අංකය 548538/7056/056), ආර්.කේ. පිටිගලගේ රුපියල් 11,770,331.88 (චෙක්පත් අංකය 548543/7056/056), එම්.ජේ.එන්. මරික්කාර් රුපියල් 90,000,000 (චෙක්පත් අංකය 548541/7056/056) වශයෙන් ගෙවීමක්ද කර ඇත. මේ මුදල් ගෙවා ඇත්තේ කුමක් සඳහාද යන්න පිළිබඳව සමීර ගනේගොඩගෙන් විමසූ විට ඔහු ඒ ගැන සොයා බලා පිළිතුරු දෙන බව කියා සිටියේය .

( රාවය )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න