ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් වන උත්සාහය අසාර්ථක වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවාලීමට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව සූදානම් වන බවට අරුණ පුවත්පත පලකර ඇති පුවත මුලුමනින්ම සාවද්‍ය බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරයි.
"එක්සත් ජාතික පක්ෂය යෝජනා කළ ජාතික ආණ්ඩුව යෝජනාව ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැන පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ" මැයෙන් අරුණ පුවත්පත වාර්තා කර තිබූ පුවත සම්බන්ධව සිදුකළ කරුණු විමසීමේදී එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු මේ බව අවධාරණය කලේය.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ හදිසියේ මහමැතිවරණයක් වෙත යාමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් එම පුවත මුලුමනින්ම ජනාධිපති සිරිසේන සහ පොහොට්ටු පාර්ශවය වෙනුවෙන් මවනු ලැබූ අසාර්ථක උත්සාහයක් බවය.
මහමැතිවරණයක් කන්නද !
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කල අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ඔය පුවත පට්ටපල් බොරුවක්. මොලේ කලදක් ඇති එක්සත් ජාතික පෙරමුණ පාක්ෂිකයෙක් මහමැතිවරණයක් ඉල්ලන්නෙ නෑ. දැන් බලන්න මහමැතිවරණයක් පවත්වා නැවත අපි දිනුවත් මේ සිරිසේන ජනාධිපති එක්ක නේද අමාත්‍යාංශ බෙදාහදා ගන්න වෙන්නේ.
දැනටමත් එයා පෞද්ගලික පලිගැනීම් කරමින් අපේ සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර ට අමාත්‍යාංශ දෙන්නෙ නැතුව ඉන්නවා. අමුඅමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා බබා වගේ අපේ හැමෝටම දොස් කියමින් ඇවිදිනවා . ඔය පසුබිමේ මහමැතිවරණයක් දිනුවත් කිසිම තේරුමක් නෑ . ඒ නිසා මහමැතිවරණයක් කන්නද කියලා තමයි අහන්න වෙන්නේ.
ජනාධිපතිවරණයක් තමයි ප්‍රායෝගික !
නමුත් මේ මොහොතේ ජනාධිපතිවරණයක් පැවැත්මට කටයුතු කලොත් ඒ ජයග්‍රහණය කරන පාර්ශවයට පුලුවන් මහමැතිවරණයක් වෙත ගිහින් පාර්ලිමේන්තු බලය හදාගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට. ඒ නිසා එයයි වඩාත් ප්‍රායෝගික . බොරු පුවත් වලින් කරන්න හදන්නේ මේ ප්‍රශ්න වැඩිකිරීම විතරයි.

