මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට !

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට !

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මාර්ගයෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමේ ජාවාරමක යෙදුණ සැකකරුවෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට හැකි බවත් ඒ සදහා රුපියල් ලක්ෂ දෙකක මුදලක් අවශ්‍ය බවත් පවසමින් මොහු විදෙස් රැකියා ජාවාරමේ යෙදී ඇත. ඒ අනුව එක් තරුණයෙක්ගෙන් රුපියල් ලක්ෂ දෙකක් ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවේදී පොලීසියේ උපායධූතයින් යොදවා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කිසිදු අවස්ථාවකදී විදේශ රැකියාවක් ලබාගැනීම සදහා තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නැතැයි මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, “රජය මගින් වැඩි ආදායම් ලබාගත හැකි විදේශ රැකියා අවස්ථාවන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ජපානයේ නව රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා. ජපානයේ රැකියා අවස්ථාවන් ලබාදෙන්නේ නොමිලේ. ඒ සදහා කිසිදු අයෙක්ට මුදල් ලබාදිය යුතු නැහැ. කිසියම් අයෙක් විදේශ රැකියා ලබාදීම සදහා මුදල් එකතු කිරීමේ ජාවාරමක යෙදෙනවානම් ඒ පිළිබද වහාම දැනුවත් කරන්න. ඔවුන්ට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා“

ගාල්ල පොලීසියේ අපරාධ අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන්වරුන් වන උදය කුමාර, මහිලාල් සහ පොලිස් කොස්තාපල් රෝහණ මෙම මෙහෙයුමට සම්බන්ධවූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න