ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංධානයක් තව නොබෝ දිනකින් බිහිකරනවා - පාඨලී

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංධානයක් තව නොබෝ දිනකින් බිහිකරනවා - පාඨලී

ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංධානයක් තව නොබෝ දිනකින් බිහිකරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, නාගරික යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් කි‍්‍රයාත්මක සුඛිත පුරවර ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන හා පූර්ණ අධික්‍ෂණය හා නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් දායකත්වය යටතේ ඉදිකරන ලද, ආණමඩුව බහුකාර්ය ගොඩනැගිල්ල හා සතිපොල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එම විවෘත කිරීම මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්, මහජන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පසුගිය 22 සිදු කෙරිණ.

වයඹ පළාතේ, පුත්තලම දිස්ත‍්‍රික්කයට අයත් දිගු ඉතිහාසයකට උරුමකම් කියන කෘෂි කාර්මික ප‍්‍රදේශයක් වු ආණමඩුව, දිනෙන් දින වර්ධනය වන නාගරිකකරණයට සමාන්තරව ආණමඩුව නගරයේ නාගරික පහසුකම් වර්ධනය කීරිමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව කලක පටන් පැවති අඩුපාඩුවක් සපුරමින් ආණමඩුව බහුකාර්ය ගොඩනැගිල්ල හා සතිපොල රුපියල් මිලියන 125.2 ක ආයෝජනයකින් ඉදිකරන ලදි. මෙහි කඩ කාමර සංඛ්‍යාව 28 ක් හා ධිවර වෙළඳ සැල් 06 කින් සමන්විත වේ. ඒ මෙන්ම සතිපොල ක‍්‍රියාත්මක ප‍්‍රධාන ගොඩනැගිල්ල තුළ ව්‍යාපාරිකයන් 573 ක් සඳහා ව්‍යාපාර කටයුතු කිරිම සඳහා ඉඩ ප‍්‍රස්ථාව ලාබා දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර සැලසුම් කොට ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මේ රටේ අනාගතයේ ප‍්‍රධානම ගැටලූව වෙන කිසිවක් නෙවෙයි ජල ප‍්‍රශ්නය. කොළඹ ඇතුලූ බස්නාහිර පළාතේ අපට තිබෙන ප‍්‍රශ්නය ජලය වැඩිකම. ගංවතුර උවදුර පිළිබඳ ප‍්‍රශ්නය. එතකොට මේ පළාතට මොණරාගලට, කුරුණෑගලට, හම්බන්තොටට තිබෙන ප‍්‍රශ්නය ජලය නැතිකම පිළිබඳ ප‍්‍රශ්නය. ඒක නිසා අපේ ප්‍රදේශවල ගමන් කරන කැළණි ගඟ, කලූ ගඟ අති විශාල ජලස්කන්ධයක් රැගෙන යනවා. මේවා මේ ප‍්‍රදේශවලට ගෙන ඒම තමයි අපේ අනාගත ආණ්ඩුවලට තිබෙන ප‍්‍රධානම වගකීම. අන්න ඒ සඳහා මේ රජය ඉදිරියේදී පියවර තබනවා. අපි දැනටමත් කැළණි ගඟ සංවර්ධනය කිරීම සඳහා වූ යෝජනාවක් අපේ අමාත්‍යාංශය මගින් ගෙනවිත් තිබෙනවා. එක පැත්තකින් නාගරික සංවර්ධනයට මේ ගංගාව යොදා ගන්න, ප‍්‍රවාහනයට මේ ගංඟාව යොදා ගන්න ගංවතුර උවදුර වලක්වන් විතරක් නෙමේ මේ වැඩි ජලය එම ප‍්‍රදේශවලට ගෙනයන්න. අන්න ඒ වැඩසටහන කර ගන්න නම් අපට අවශ්‍යයි ඉදිරියේදී වැනෙන් නැති ශක්තිමත් ආණ්ඩුවක්.

මේ වසරේ ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් මිත‍්‍රවරුණි. ඔය පළාත් පාලන, පළාත් සභා මැතිවරණ තිබුණට රටක රාජ්‍ය බලය, ආණ්ඩු බලය සහ තීරණාත්මකව මාරු වෙන්නේ ජනාධිපතිවරණයෙන්. ඒ අනුව මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. 2020 ජනවාරි 08 වෙනිදාට කලින් අලූත් ජනාධිපති කෙනෙක් ආ යුතුයි. අන්න ඒ සඳහා අපි ජාතික ප‍්‍රජාන්ත‍්‍රවාදී සංධානය නමින් පුලූල් සංධානයක් ඇතිකර ඒ පුලූල් සංධානයෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක් අපි ගේනවා මේ රටේ ඊ ළඟ ජනාධිපති හැටියට යැයි පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න