අළුත් අවුරුද්දට පෙර බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය නිසා වාසස්ථාන අහිමිවූ පිරිසට වන්දි මුදල් ලබාදෙනවා - ඇමති රවී

අළුත් අවුරුද්දට පෙර බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතිය නිසා වාසස්ථාන අහිමිවූ පිරිසට වන්දි මුදල් ලබාදෙනවා - ඇමති රවී

'බ්‍රෝඩ්ල්න්ඩ් බලාගාරය නිසා යම්යම් ගැටළු තුළින් වාසස්ථාන අහිමිවූ පිරිසගේ සිත්වල පවතින අවිනිශ්චිතභාවය නැති කරලා නිශ්චිත අරමුණක් ලබාදෙන්නයි මට අවශ්‍ය වන්නේ. මේ වනවිට මේ ප්‍රදේශයේ සංවර්ධනය අඩාල වෙලා තිබෙනවා. ලංවිම අනුග්‍රහය තුලින් කි.මී. 3 ක මාර්ගය සකසා දීමට මම කටයුතු කරනවා. මේ දේවල් නිසි පරිදි මේ ප්‍රකාශ කල ආකාරයෙන්ම සිදු‍වෙනවාද යන්න නිරීක්ෂණය කරන්න අප්‍රේල් මස පළමු සතිය තුළ මා නැවතත් මේ ප්‍රදේශයට ඒමට පොරොන්දු වෙනවා. මේ වසරේ අප්‍රේල් මාසය වනවිට ව්‍යාපෘතිය නිසා වාසස්ථාන අහිමිවූ පිරිසට ලබාදිය යුතු වන්දි මුදල් ලබාදීමට අවශ්‍ය කටයුතු සලසනවා 'යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකලේ, ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 35ක දායකත්වයක් සැපයීමට අපේක්ෂිත බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් සිය වාසස්ථාන ගැටළු වලට මුහුණදුන් ජනතාවගේ ප්‍රශ්න පිළිබදව සොයාබැලීමට පසුගියදා එම ප්‍රදේශයේ පැවති චාරිකාවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක,

'මෙම බලාගාර ව්‍යාපෘතිය ප්‍රමාදවීමෙන් පාඩු සිදුවන්නේ අපේ පාරිභෝගික ජනතාවටමයි. බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරයෙන් ලබාගැනීමට අපේක්ෂිත මෙගාවොට් 35 ජාතික පද්ධතියට එකතු වුනානම්, හදිසි විදුලි මිලදී ගැනීම් කරන්න සිදුවෙන්නේ නැහැ. නමුත් මේ මෙගාවොට් 35 ලැබුණේ නැහැ කියලා, අපි හදිසි විදුලිය මිලදී ගැනීමට යොමුවන්නේ නැහැ කියලා තීන්දු කළා. පාරිභෝගිකයා අපහසුවට පත්නොවන පරිදි ආරක්ෂා කිරීමයි අපිට අවශ්‍ය වන්නේ. කිසිදු විදුලිය ඇනහිටීමකට ලක් නොවන පරිදි, නාස්තිය, දූෂණය, වංචාව නැති කරලා, ජනතාවට ඒ ප්‍රථිලාභය ලබාදීමට අපි කටයුතු කරනවා.

එල්.එන්.ජී. බලාගාර ඉදිකිරීම කඩිනම් කළ යුතුයි. ඒ තුළින් ගෙවන අනවශ්‍ය බිල අඩු කරන එක තමයි අපේ එකම අභිලාශය. මෙතුවක් කාලයක් මෙම බලාගාර ඉදිකිරීමේ කටයුතු ඇද ඇද ගියේ ඇයි කියන එක තමයි ගැටළුව. අපේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව නිර්භීතව මෙම බලාගාර ඉදිකිරීමේ තීන්දුව ගත්ත නිසා මාස 16 ක් වැනි කාලයකින් මෙය ක්‍රියාත්මක කරන්න හැකිවුණොත්, ගෙවන බිල 5‍% ක් 10‍% කින් අඩු කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. මේවාට බාධා කරන්නේ නැතිව රටේ දියුණූවට සුභවාදීව ක්‍රියා කළ යුතුයි. මෙපමණ කාලයක් නිවැරදි වේලාවට නිවැරදි තීන්දු නොගැනීම නිසා තමයි ජනතාවගේ සිහින බොඳවෙලා තිබෙන්නේ. මේ තත්ත්වය සහමුලින්ම වෙනස් කරන්නයි අපට ඕන. දේශපාලඥයෝ සිටින්නේ තාවකාලික විසදුම් දෙන්න නෙමෙයි. ස්ථීරසාර, දීර්ඝකාලීන විසදුම් දෙන්නයි අපි මෙතනට ඇවිත් තියෙන්නේ. අපි ඩීසල් මාෆියාවට ඉඩ නොදී ජනතාවගේ පැත්තෙන් බලලා තමයි කටයුතු කරන්නේ' යැයි පැවසීය.

මෙම අවස්ථාවට විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය බී.එම්.එස්. බටගොඩ ද සහභාගි විය.

2Y1A8391

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න