අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් චුදිතයන් වූ හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවළුන් සම්බන්ධයෙන් පරික්ෂණ අවසන් කර ඇත.
අල්ලස් කොමිසම අද (26) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඒ බව දන්වා ඇති අතර එම චුදිතයන් සම්බන්ධයෙන් ඉදිරියේ දී ගනු ලබන පියවර පිළිබඳව අධිකරණයට වාර්තා කර දිනයක් ලබාදෙන ලෙසද අධිකරණයෙන් ඉල්ලා ඇත.
ඒ අනුව එම නඩුව ජුලි මස 11 වැනි දා තෙක් කල් තැබීමට නියම කෙරිණි.
අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එයින් රුපියල් මිලියන 20 ක අත්තිකාරම් මුදලක් ලබා ගත්තැයි සැකකරුවන් සම්බන්ධයෙන් චෝදනා ගොනු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
