කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකල ප්‍රකාශය ඔප්පු කළ නොහැකි බවත් ඒ සඳහා තවත් සාක්ෂි අවශ්‍ය බවත් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.
රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකල මෙම ප්‍රකාශය පිළිබඳව සොයා බැලීම සඳහා එක්සත් ජාතික පෙරමුණ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මෙම කමිටුව පත්කළ අතර එහි සභාපති ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල කටයුතු කළේය.
එහි සෙසු සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එරාන් වික්‍රමරත්න, මහාචාර්ය ආශු මාරසිංහ හා නීතිඥ මහේෂ් කලුගම්පිටිය කටයුතු කළහ.
කෙසේ වෙතත් කොකේන් භාවිත කරන බවට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ප්‍රකාශ වූ නම් ලැයිස්තුවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් නොමැති බවත් එම නම් ලැයිස්තුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවත් අදාළ කමිටු සාමාජික හර්ෂද සිල්වා අමාත්‍යවරයා ද පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
