සිරිසේන ඝාතන කුමන්ත්‍රණය : රෝ කතා පුස් - ඉන්දීය ජාතිකයා නිදහස් !

සිරිසේන ඝාතන කුමන්ත්‍රණය : රෝ කතා පුස් - ඉන්දීය ජාතිකයා නිදහස් !

ජනපති සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පවත්වන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා මුදා හැරීමට කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර නියෝග කළේය.

ඒ එම විමර්ශනවලට අදාළව ඉදිරි පියවර ගැනීමේදී ඉන්දීය ජාතිකයාට එරෙහිව කටයුතු නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම් දීම අනුවය.

කෙසේ වෙතත් ඔහු වීසා බලපත්‍ර නොමැතිව ලංකාවේ රැඳි සිටීම හේතුවෙන් ආගමන විගමන නීතිය අනුව කටයුතු කරන බව සඳහන් කිරීම හේතුවෙන් ඉන්දීය ජාතිකයා යළි එළඹෙන 13 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

එසේම මෙම සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියොජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නටද අධිකරණය නියෝගකර ඇත.

සිරිසේනගේ රෝ කතාව !

කෙසේ වුවත් මේ සම්බන්ධව මීට පෙර ජනාධිපති සිරිසේන සඳහන් කල බව කියවුණේ ඉන්දීය රෝ සංවිධානයේ සහය ඇතිව තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවය. පසුව ඉන්දීය රජය මේ සම්බන්ධව ජනාධිපති වෙතින් විමසීමේදී තමන් එවැන්නක් නොකියූ බව සිරිසේන ජනාධිපති පවසා තිබිණ. පසුව ඔක්තෝබර් 26 ජනාධිපති සිරිසේනගේ මුලිකත්වයෙන් දියත්වූ අසාර්ථක ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය හමුවේද මේ ඝාතන චෝදනා කතා කියවිණ. නමුත් දැන් ඒ ගැන සද්දයක් නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න