දකුණු පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයෙක්ට එරෙහිම ළමා ලිංගික අපචාර චෝදනාවක් අක්මීමන පොලිස් ස්ථානයට ලැබී ඇති අතර ඒ පිළිබද අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
මෙසේ ළමා අපචාර චෝදනාවක් එල්ලවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට එරෙහිවය.
ගාල්ල අක්මීමන අන්නාසිකන්ද ප්‍රදේශයේ දහසය හැවිරිදි දැරිවියකට අපචාර කර ඇති බවට අක්මීමන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ අගහරුවාදා රාත්‍රියේය.
මේ සම්බන්ධයෙන් අදාල දැරිවිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වී තිබෙන බවත් ඒ අනුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බවත් පොලිස් ප්‍රකාශකයෙක් සදහන් කළේය.
මේ සම්බන්ධයෙන් අක්මීමන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර මේ වන තෙක් පළාත් සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන නොමැති බවද පොලිස් ආරංචිමාර්ග අනාවරණය කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
