Image

වීසා නැතුව හිටියොත් දඩය ඩොලර් 500 යි !

වීසා නැතුව හිටියොත් දඩය ඩොලර් 500 යි !

වීසා නොමැතිව මෙරට රැඳී සිටින සංචාරකයන්ට දඩ මුදලක් නියම කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

ඒ අනුව ඔවුන්ට ඇමෙරිකානු ඩොලර් 500 ක දඩ මුදලක් නියම කිරිම ඇතුළු ආගමන හා විගමන රෙගුලාසි සංශෝධනය කොට ඇති සංශෝධිත කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරිමට මෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් මේ පිළිබඳ යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව ආයෝජකයන් දිරිගැන්වෙන වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන අතර සංචාරක වීසා සඳහා විවිධ රටවලට අදාළව පවතින විෂම ගාස්තු ක්‍රමවේදය වෙනුවට ඒකිය ගාස්තු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මීට අමතරව සංචාරක වීසා කාල සීමාව දීර්ඝ කිරීමටත්, ව්‍යාපාරික කටයුතු සඳහා නිකුත් කරන කාල සීමාව බහුවිධ ඇතුළුවීමේ පහසුකම් සහිතව නිකුත් කිරීමට මේ මඟින් විධිවිධාන සලසා තිබේ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න