ශ්‍රී ලන්කන් : කරච්චි - ලාහෝර් ගුවන් ගමන් නවත්වයි !

ශ්‍රී ලන්කන් : කරච්චි - ලාහෝර් ගුවන් ගමන් නවත්වයි !

ලංකාවේ සිට පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් නුවර දක්වා අද (28) ගමන්ගැනීමට නියමිතව තිබූ සියලු ගුවන්ගමන් අවලංගු කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

ඒ පාකිස්ථානු සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් එරට ගුවන් කලාපය තාවකාලිකව වසාදැමීම හේතුවෙන්ය.

කරච්චි සහ ලාහෝර වෙත ගමන් ගැනීමට නියමිත මගීන්ට ඔවුන්ගේ සංචාරක නියෝජිතයින් හා සම්බන්ධ වීමෙන් හෝ www.srilankan.com නම් වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

ගුවන්ගමන් නවතාලීම හේතුවන සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවත් ගුවන් මගීන්ගේ ආරක්ෂාව ප්‍රමුඛතම වැදගත්කම හෙයින් මෙම තීරණය ගැනීමට සිදුවූ බවත් ගුවන් සමාගම කියයි.

පවතින තත්ත්වය කිසිසේත්ම ගුවන් සමාගමට පාලනය කළ නොහැකි තත්ත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මනා විමසිල්ලෙන් පසුවන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් නිවේදනය කරයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න