එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ ප්‍රතිසංවිධානය ඉලක්ක කර ගනිමින් සිරිකොත ගමට යනුවෙන් නව වැඩසටහනක් ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
එහි පළමු වැඩසටහන ලබන මාර්තු 10දා කළුතර දිස්ත්‍රික්කය පුරා පැවැත්වීමට නියමිත බවද ඔහු පවසයි.
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සියලුම නායකයන් මැති ඇමතිවරුන් මෙම ගමින් ගමට යන වැඩසටහනට සහභාගී වීමට නියමිතය.
මෙහිදී පක්ෂයේ ශාඛා සමිති, ලක්වනිතා, තරුණ සමිති ප්‍රතිසංවිධානය කරමින් දැවැන්ත ප්‍රතිසංවිධානයක් කිරීමට නියමිත අතර සිරිකොත ගමට වැඩසටහන රට පුරා සියලු දිස්ත්‍රික්කවල සංචාරය කිරීමට නියමිත බවද මහලේකම්වරයා වැඩිදුරටත් පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
