රජිත් කීර්තිගේ අපකීර්තිමත් වැඩේ ගැන විමර්ශනයක් !

රජිත් කීර්තිගේ අපකීර්තිමත් වැඩේ ගැන විමර්ශනයක් !

දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි කියන සිද්ධියක් ගැන විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය සඳහන් කරයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගෙන් සහ විදුහල්පතිනියගේ සැමියාගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

වාර්තා වන ආකාරයට සවුත්ලන්ඩ් විද්‍යාලයට ඇතුළත් කළ යුතු ළමයින් හතර දෙනකු ඇතුළත් කර ගැනීමට නියමිතව තිබිය දී එම ළමයින් මේ වන තෙක් ඇතුළත් කර නොගත්තැයි කියමින් මෙලෙස බැණ තර්ජනය කළ බවට ඇය පොලිසියට පැමිණිලි කරමින් කියා තිබේ.

පසුගිය 28 වැනි දා මෙම විදුහල්පතිනියට දුරකතන ඇමතුම් දුන්නත් ප්‍රතිචාරයක් නොලද නිසා වරාය පොලිසියේ නිලධාරීන් පිරිසකට එහි ගොස් පණිවිඩය ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා දැනුම් දී ඇති බවත්, ඒ අනුව වරාය පොලිසිය නිවසට ගියද ඒ වන විට විදුහල්පතිනිය ආගමික වතාවත් සඳහා ගොස් සිටි බවත්, ඒ අනුව එම විහාරස්ථානයට ගොස් වරාය පොලිසියේ ස්ථානාධිපතිගේ දුරකතනයෙන් ඇමතුමක් ගෙන විදුහල්පතිනියට දුන් බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

විදුහල්පතිවරිය සහ ආණ්ඩුකාරවායා කතාබහේ කළේ මොනවාදැයි නොදන්නා බව ද පොලිස් නිලධාරියා කීවේය.

පසුදින එනම් මාර්තු පළමු වැනි දා උදෑසන විදුහල්පතිනිට පොලිසියට ගොස් ඒ පැමිණිල්ලක් කර ඇති බව ද පොලිසිය කියයි.

ගාල්ල සවුත්ලන්ඩ් විද්යා ලය පළාත් පාසලක් නොවන බැවින් විදුහල්පතිනියට උපදෙස් දීමට ආණ්ඩුකාරවයාට බලයක් නැති බව ගුරු සංගම් අවධාරණය කර සිටියි.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න