ඉන්ධන මිල වෙනස් නොවේ !

ඉන්ධන මිල වෙනස් නොවේ !

ඉන්ධන මිල ඊයේ (11) රාත්‍රීයේ සිට සංශෝධනය වීමට නියමිතව තිබුණද එසේ නොවන බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර මේ මස 10 වැනිදා නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය ඊයේ (11) සිදු කිරීමට නියමිතව තිබූණි.

එහෙත් මිල සුත්‍ර කමිටුව විසින් තීරණය කර ඇත්තේ මේ මාසයට අදාළව ඉන්ධන ගාස්තු සංශෝධනය කිරීමක් අනවශ්‍ය ලෙස බවද දැනගන්නට ඇත.

ඒ අනුව ඉන්ධන මිල සූත්‍රය හඳුන්වාදුන් අවස්ථාවේ ඒ සම්බන්ධව එල්ල කළ විවේචන මේ වන විට දේශපාලන න්‍යාය පත්‍රයක සිට ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්නට සිදුකරන ලද්දක් බව ආණ්ඩුවේ ආරංචිමාර්ග පෙන්වා දෙයි. ජනතා ජන්දයෙන් පත්වන ආණ්ඩුවක් කිසිඳු අවස්ථාවක ජනතාව පෙළන ආකාරයේ තීන්දු තීරණ නොගන්නා බවත් ජාතික ආර්ථිකය විධිමත්ව සිදුකරන කටයුත්තට බාධා නොවන සහ පෙරළා එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලැබෙන්නට අවශ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම එහිදී සිදුවූ බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න