තෙවැනි පාර්ශවයක් නවීකරණය කල වට්සැප් ගිණුම් අවලංගුයි !

තෙවැනි පාර්ශවයක් නවීකරණය කල වට්සැප් ගිණුම් අවලංගුයි !

නිල වට්ස්ඇප් යෙදුමට පරිභාහිරව තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරනලද වට්සැප් යෙදුම් භාවිත කරන්නන්ගේ ගිණුම් අවලංගු කිරීමට ෆේස්බුක් සමාගම තීරණය කරඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පවසයි.

GB WhatsApp, Yo WhatsApp, FM WhatsApp ආදි විවිධ නව නාමයන් හරහා වට්ස්ඇප් යෙදුම් භාවිතයට ලක්වන දුරකථන අංක හා ඔවුන්ගේ පැරණි සංවාදවල පිටපත් සියල්ලනැවත භාවිතයටගත නොහැකි වන සේ ඉවත්කිරීමට පියවර ගෙන තිබෙන බවද සභාපතිවරයා සඳහන් කරයි.

තෙවැනි පාර්ශ්වයක් මගින් නවීකරණය කරන ලද වට්සැප් යෙදුම් භාවිත කරන පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත පිළිබඳ ෆේස්බුක් ආයතනයට වගකීමක් දැරීමට නොහැකි නිසා මෙම පියවර ගෙන ඇතැයි වට්ස්ඇප් සමාගමෙහි නියෝජිතයෙකු ශ්‍රී ලංකා පරිවර්තන සමූහය දැනුවත් කළ බවද ඒමහතා පවසා සිටියි.

නිල වට්ස්ඇප් යෙදුමඑක් පරිශීලක ගිණුමක් ලෙස භාවිත කිරීමට හැකියාව තිබෙන බැවින් එදිනෙදා ජීවිතයේදී දුරකථන අංක කිහිපයක් භාවිත කරන බොහෝ වට්ස්ඇප් පරිශීලකයන් තෙවැනි පාර්ශ්වයක් විසින් නවීකරණය කරනලද වට්ස්ඇප් යෙදුම් භාවිතය සඳහා යොමුවී තිබෙන බව රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පෙන්වා දෙයි.

තෙවැනි පාර්ශ්වයක් මගින් නවීකරණය කර තිබෙන වට්ස්ඇප් යෙදුම් භාවිත කරන පරිශීලකයන් තම ගිණුම් අවලංගු නොවී පවත්වාගෙන යෑමටසිදුකළ යුතුදේ වට්ස්ඇප් වෙබ් අඩවියෙහි FCQ (නිතර අසන පැන) පිටුවෙහි දක්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න