Language Switcher

V2025

අයවැය දෙවනවර කියවීමේ ජන්ද විමසුම අද !

අයවැය දෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද(12දා) පස්වරුවේ දී පාර්ලිමේන්තුවේදී සිදුකිරිමට නියමිතය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය 05 දා අයවැය යෝජනා පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය පිළිබඳ දෙවන වර කියැවිමේ විවාදය පසුගිය 06 දා ආරම්භවූ අතර පුරා දින 6ක් තිස්සේ පැවති විවාදයෙන් පසුව එහි ජන්ද විමසීම අද (12) පස්වරු 5.00 ට ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

එසේම අයවැය පිළිබඳ තෙවන වර කියැවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (13) සිට පැවැත්වීමට නියමිත අතර එම විවාදය අප්‍රේල් 05 දක්වා පුරා දින 19ක් පැවැත්වීමට නියමිත වේ.