සිරිසේන මෙහෙම වුණේ : ගුරුවරුන්ගේ පහරදීම් නිසා !

සිරිසේන මෙහෙම වුණේ : ගුරුවරුන්ගේ පහරදීම් නිසා !

තමන් හැදුණේ ගුරුවරුන්ගෙන් පාසල් සමය තුල ගුරුවරුන්ගේ දැඩි පහරදීම් වලට ලක්වෙමින් බවත් එදා විඳි වේදනාව තමන්ට තවමත් මතක බවත් ජනාධිපති සිරිසේන පවසයි.

සිරිසේන ජනාධිපති මේ බව සදහන් කර ඇත්තේ තර කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට ඊයේ (11) එක්වෙමිනි.

එහිදී වැවැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පවසා ඇත.

"මගේ තාත්තා මාව පොලොන්නරු නගරයේ මහා විද්‍යාලයට දැම්මා. එක්තරා දවසක මම පන්තියේ කෑගැහුවා කියලා නගර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා විදුහල්පති කාමරයට එක්කන් ගිහිල්ලා, බිත්තියේ එල්ලලා තිබුණු වේවැල් මිටියෙන් එකක් අරගෙන මට ගහපු හැටි මට අදත් මතක් වෙනවා. කොච්චර රිදුණද කියලා මට දැනුත් දැනෙනවා ඒ වේදනාව. ඒ තරම් මං ගුටිකාලා තියෙනවා ගුරුවරුන්ගෙන්. අපි එහෙමයි හැදුණේ"

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දදක්වන අධ්‍යාපන ක්ශේත්‍රයේ විද්වතුන් පවසන්නේ නොදන්නා දේ සම්බන්ධව හිතුමතේ ජනප්‍රිය කතා කියන්න ගොස් ජනාධිපති සිරිසේන සිය ග්‍රාම්‍ය මානසිකත්වය එලියට දමා ඇති බවයි. මේ වන විට දරුවා ශික්ෂණය කිරීමට පහරදීම නොසුදුසු බව තහවුරුව සහ පිලිගත් සිද්ධාන්තයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න