අයවැය පරදවා මහ මැතිවරණයකට යමු : මහින්ද සිරිසේනට දන්වයි !

අයවැය පරදවා මහ මැතිවරණයකට යමු : මහින්ද සිරිසේනට දන්වයි !

ජනාධිපති අපේක්ෂකත්වය මත අර්බුදයට පත්ව ඇති දෙපාර්ශවයේ සම්බන්ධතා යළිත් යහපත් කරගන්න නම් අයවැය පරාජය කොට වහාම මහ මැතිවරණයක් වෙත යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස විපක්ෂ නායක මහින්ද ශ්‍රිලනිපයට දන්වා ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ලෙස ජනාධිපති සිරිසේන වෙතද මේ බව දන්වන්නට විපක්ෂ නායක මහින්ද කටයුතු කර ඇත.

මේ අතර විපක්‍ෂයට සම්බන්ධ සියලූ පක්‍ෂ ඒකරාශී කරගෙන මෙවර අයවැය පරාජයට පත්කර මහ මැතිවරණයක් ලබා ගැනීමට කටයුතු කරන බව විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ ඊයේ (11) පැවසූ බව දිවයින පුවත්පත ද වාර්තා කර තිබේ.

කෙසේ වුවත් ජනාධිපති සිරිසේන පාර්ශවය තවමත් ඒ සම්බන්ධව නිශ්චිත ප්‍රතිචාරයක් දක්වා නැති බවත් දැනගන්නට ඇත. දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඒ අයවැය ජන්දය විමසීම සිදුවන අවස්ථාවේ ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් ඊට පක්ෂව ජන්දය ලබාදීමට සූදානමක් ඇති බව ට ජනාධිපති සිරිසේන වෙත තොරතුරු ලැබී ඇති නිසාය .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න