ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් පිල් මාරුවකට සූදානම් !

ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් පිල් මාරුවකට සූදානම් !

අයවැය දෙවනවර කියවීමේ ජන්ද විමසීමේදී ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් ඊට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමත් සමග ජාතික දේශපාලනය දැඩි උණුසුම් වන තත්ත්වයක් මතුවෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ තවත් ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට සම්බන්ධවීමේ සූදානමක් පැවතීමය.

ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක් මෙසේ ආණ්ඩුවට එක්වීමේ සූදානම සම්බන්ධව අද (15) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය අජිත් පී. පෙරේරා ද තහවුරු කර සිටියේය.

ශ‍්‍රීලනිපය හා පොහොට්ටුව එක්වූවා කියා එක්සත් ජාතික පක්‍ෂයට අභියෝගයක් නොවන බවද ඔහු කියා සිටියේය.

පොහොට්ටු සන්ධානයට එරෙහි තීරණයක්

මේ අතර දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ ආණ්ඩුවට එක්වීමට සූදානම් වන ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම එම තීරණය ගෙන තිබෙන්නේ ශ්‍රිලනිප ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ඇතිකර ගැනීමට එරෙහිව බවය.

මේ වන තුරු ජනාධිපති සිරිසේන වෙත එළැඹෙන ජනාධිපතිවරණයට අපේක්ෂකත්වය ලබාදීම සම්බන්ධව පොහොට්ටු පාර්ශවය එකගතාවයක් නැතිව තිබියදී තවදුරටත් ඒ පසුපස යමින් ඇතිකර ගැනීමට යන මේ සන්ධානය පක්ෂයට හානිකර බව අදාල මන්ත්‍රී කණ්ඩායමේ ස්ථාවරය වී ඇති බවද දැනගන්නට ඇත.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න