විදෙස් රටවලට ගොස් උපාධි හදාරන සිසුන්ටත් ණය මුදලක් !

විදෙස් රටවලට ගොස් උපාධි හදාරන සිසුන්ටත් ණය මුදලක් !

විශ්වවිද්‍යාලවල උපාධිය මෙරට සිට හදාරන සිසුන්‍ සඳහා තම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ලබාදීමට යෝජනා කර ඇති ණය ‍යෝජනා ක්‍රමය විදෙස් රටවලට ගොස් උපාධි හදාරන මෙරට සිසුන්ටද ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා ගෙන් ඉල්ලීමක් කළේය.

මෙරට සිසු දරුවන් විශාල සංඛ්‍යාවක් විදෙස් විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන අතර වෛද්‍ය උපාධිය හදාරන සිසුන්ද බොහෝ පිරිසක් සිටින බවද මන්ත්‍රීවරයා පැවසිය.

මේ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස් ගතවන්නේ මවුපියන්ගේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, උගස් කොට හෝ එසේත් නොමැතිනම් ඉඩකඩම් විකුණා මුදල් උපයාගෙන හෙයින් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් තමන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

විදේශීය විශ්වවිද්‍යාලවල උපාධි මෙරට සිට හදාරන සිසුන්ට පොලී රහිත රුපියල් ලක්ෂ එකොළොහක ණය මුදලක් ලබාදීමට මෙවර අයවැයෙන් යෝජනා විය. එය ගෙවීම ආරම්භ වන්නේ අධ්‍යාපනය නිම කර වසර දෙකකට පසුව වන අතර වසර හතකින් ගෙවා නිම කිරීමට අවස්ථාව හිමිව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජීබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේ අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට සහභාගි වෙමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න