බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවෙ විපක්ෂනායකවරයා අද(20) උදෑසන වෙඩි වැදීම නිසා බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්තා වෙයි.
බෙලිඅත්ත පොලිසියද මේ බව සනාථ කරන අතර මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ කපිල අමරකෝන් (44) නම් තිදරු පියෙකි.
පොලිසිය සඳහන් කරන ආකාරයට අද පෙරවරු 6.15ත් 7ත් අතර කාලයේදී විපක්ෂනායකවරයාට වෙඩි වැදී නිවෙසෙහි කාමරයක් තුළ සිටියදී ඔහුගේ මව දැක රෝහල්ගත කර ඇත.
බෙලිඅත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

