අමාත්‍ය රවී කරුණානායක විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදය අද (29) පාර්ලිමේන්තුවේදී පැවති අතර ඊට අදාල ජන්ද විමසීමේදී වැඩි ජන්ද 83 කින් එය සම්මත විය.
ඒ අමාත්‍යාංශ වැය ශීර්ෂයට පක්ෂව ජන්ද 84 ක් සහ විරුද්ධව 01 ජන්දයක් වශයෙනි.
සියඹලාපිටිය රස්සා 4000යි : බලාගාර බිංදුවයි !
මීට අදාලව පැවති පාර්ලිමේන්තු විවාදයේදී අනාවරණය වූ වැදගත් සිදුවීමක් වූයේ හිටපු විදුලිබල බලශක්ති අමාත්‍යවරයා වූ රංජිත් සියඹලාපිටිය විසින් පසුගිය වසර 4ක අමාත්‍ය ධූර කාලය තුල විදුලිබල මණ්ඩලය ඇතුළු අමාත්‍යාංශ රැකියා සදහා ඔහු නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයට රැකියා දහස් ගණනක් ලබාදී ඇති නමුත් ඒ කාලය තුල ජාතික විදුලිබල පද්ධතිය නැංවීමට කිසිවක් සිදුකර නොමැති වීමය.
මෙහිදී හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයාට රැකියා 4000ක් පමණ කෑගල්ල දිස්ත්‍රික්කයට ලබාදී ඇති බවටද චෝදනා එල්ලවිය.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට කෑගලු දිස්ත්‍රික්කයෙන් බඳවා ගැනීම් සිදුකළ බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය එහිදී පිළිගත්තේය.
ඒ පවසන ආකාරයට රැකියා 4000ක් නොවන බවත් තමා ඉදිරියටත් කෑගලු ජනතාවට සේවය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මෙම බඳවා ගැනීම් නිසි ආකාරයට සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.
චන්ද්‍රිකාගේ චෝදනාව ඔප්පු වෙයි !
මේ අතර මතුව ඇති විදුලිබල අර්බුදය සම්බන්ධව මූලික වගකීම ගතයුත්තේ හිටපු විදුලිබල අමාත්‍යවරයා විසින් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පසුගියදා චෝදනා කර සිටියාය.
මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදී ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සදහන් කල අතර පසුගිය කාලය පුරාවට LNG බලාගාර 3 - 4 ක් ඉදිකිරීමට ආයෝජකයන් ඉදිරිපත් වූ බවත් ඇතැම් බලාගාර සදහා ටෙන්ඩර් කැදවා ඒවාට ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතිය පවා හිමිවූ නමුත් හිටපු අමාත්‍යවරයා ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බවටද ඇය චෝදනා කර සිටියාය.

