මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දින වකවානු ලබා දී අවසන් බව ජනපති සිරිසේන ප්‍රකාශ කර සිටියි.
කුමන අභියෝග මධ්‍යයේ වුව ද නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවද ජනපති අවධාරණය කරයි.
මැල්කම් කාදිනන් රංජිත් හිමිපාණන්ගේ මගපෙන්වීම යටතේ සර්ව ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (31) පස්වරුවේ මෝදර විට්ස්වයික් උද්‍යානයේ පැවති මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන අමතමින් ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.
ජීවිත අවධානම ද නොතකමින් තමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සටන අතට ගත්තේ මතු පරපුර වෙනුවෙන් යහපත් දේශයක් ගොඩනැගීමට බව පවසන ජනාධිපතිවරයා කුමන අභියෝග මධ්‍යයේ වුව ද එම සටන සාර්ථක අවසානයක් කරා මෙහෙයවන බවද පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි තම සටන දියත් කළේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු සමයේ සිටම බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා තමන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු එම සටන ශක්තිමත්ව කි‍්‍රයාවට නැංවීමට හැකි වූ බව කියා සිටියේ ය.

