වංචා දූෂණ කරන උදවියට මගේ කාලෙක දඬුවම් දෙනවා - විපක්ෂ නායක

වංචා දූෂණ කරන උදවියට මගේ කාලෙක දඬුවම් දෙනවා - විපක්ෂ නායක

තම පාලන කාලයක් තුළ දී වංචා දූෂණ සිදුකරන සහ කොමිස් මුදල් ලබාගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසා සිටියි.

වර්තමානයේ රට පවතින අර්බුදයට වත්මන් ආණ්ඩුව වගකිව යුතු බවද ඔහු පවසයි.

වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කර ඇත.

එසේම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ෆයිල් තිබෙනවා කියමින් වංචා දුෂණ සිදුකල උදවිය සම්බන්ධව කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් හේතුව හෝ මිනීමරු ස්ත්‍රී දූෂකයන් අධිකරණයට පවා ඉදිරිපත් නොකරන්නට සහය නොදක්වුයේ මන්ද යන්න විපක්ෂ නායකයා වෙතින් නොවිමසන්නට මාධ්‍යවේදීන් ප්‍රවේශම් වනුද දක්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න